ළඟදීම, රිදී තිරයට එන “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows)

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශීය සිනමාවට විවිධ සිනමා නිර්මාණ තිලිණ කළ සිනමාවේදී බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය වන “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) ළඟදීම දැක බලා ගන්නට සිනමා ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වනවා.

මෙහි තිර රචනාව ලියා තිබෙන්නේ බෙනට් රත්නායක සමග චුලාභය ශාන්ත කුමාර හේරත්.

බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසුරිය, සංගීතා වීරරත්න, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, බුද්ධික ජයරත්න, බුද්ධදාස විතානාරච්චි, දුලීකා මාරපන, ඉසුරු, උදාර, Crystal, Teena, කුමාර තිරිමාදුර, අජිත් ලොකුගේ, දර්ශන ධර්මරාජ් ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.

දුෂිත දේශපාලකයින්, මැරයන් රකින රටක්, නීතියක් !! පොල් ගෙඩි 8ක් නිසා පරිවාස සිරගෙට යන්නට සිදුවන ගැහැණු ළමයෙක් !! සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කරන සංවේදී පොලිස් නිළධාරියෙක් !! පවතින ක්‍රමයට අභියෝග කර වෙනස් කරන්නට ඔවුනට හැකිවේද?

මෙහි මංගල දර්ශනය 2021 ජනවාරි 31 වන දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

“කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) හි නිල පුර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *