ග්‍රැන්විල් ‍රොද්‍රිගෝ මහතා දැයෙන් සමුගෙන අදට වසර 22 යි.

Gone from our sight but never from our hearts. මාගේ පියාණන් වන ඔබ කවුරුත් ආදරය කල ග්‍රැන්විල් ‍රොද්‍රිගෝ මහතා දැයෙන් සමුගෙන අදට වසර 22. තාත්තිගේ ඒ සුන්දර මතකයන් තවමත් අපේ හිත් තුල ජීවමානයි. ” – චිරාත් රොඩ්රිගෝ


ග්‍රැන්විල් රොඩ්රිගෝ මහතාගේ සම්පූර්ණ නම වනුයේ සේනාදිපතිගේ ග්‍රැන්විල් රොඩ්රිගෝ වේ. ඔහු 1958 සැප්තැම්බර් මස 22 වන දින උපත ලැබූ අතර අධ්‍යාපනය ලැබුවේ මොඩෙරා හි ඩි ලා සැලේ විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ය.

ඔහු 1987 ජනවාරි 17 වන දින ශාමලී රොඩ්රිගෝ සමඟ විවාහ විය. මෙම යුවළට පුතුන් තිදෙනෙක් වූහ – චීරාත් රොඩ්රිගෝ, තිසල් රොඩ්රිගෝ සහ මධුප රොඩ්රිගෝ.

ග්‍රැන්විල් රොඩ්රිගෝ ලෙස ජනප්‍රිය වූ ඔහු ශ්‍රී ලංකා සිනමාව, වේදිකා නාට්‍ය හා රූපවාහිනිය මෙන්ම ගායකයෙකු හා කලා අධ්‍යක්ෂවරයකු ලෙස ද සම්මානලාභී නළුවෙකි.

ග්‍රැන්විල් රොඩ්රිගෝ මහතාගේ අමතක කල නොහැකි චරිත වුයේ මනෝකාය හි චරිතය සහ නෝනාවරුනි මහත්වරුනි හි නිහාල් ගේ චරිතයන්ය. තවත් විශේෂත්වයක් වන්නේ ඔහු හිටපු නාවික හමුදා නිලදාරියෙකු වීමයි. ඔහුගේ කලාවේ ඉපදීම සනිටුහන් වුයේ 1980 දීය. ඔහු රංගන දිවිය ආරම්භ කළේ මහාසාර නම් වේදිකා නාට්‍යයෙනි.

ඔහු මනමේ, සිංහබාහු, සයිමන් නවගත්තගමගේ සුභ සහ යස, ධර්මසිරි බණ්ඩාරනායකගේ එකාදිපති, විජිත ගුණරත්නගේ ශාක්‍ය, යන නිර්මාණ යන් වල විවිධ චරිත නිරූපණය කළේය.

රොඩ්රිගෝ සිය සිනමා දිවිය ආරම්භ කළේ 1978 දී ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරුවකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද වීර පුරන් අප්පු චිත්‍රපටයේ සුළු භූමිකාවෙනි.

ඔහුගේ ජනප්‍රිය සිනමා රංගනයන් සමහරක් පැමිණියේ සෙයිලම, මොහොතින් මොහොත සහ තුන්වෙනි යාමය හරහා ය.

ඔහු හෙක්ටර් කුමාරසිරිගේ ටෙලි සිත්තම් වන දික්කසාදය සහ නික්මා යාම වැනි නිර්මාණ වලටද සම්බන්ද විය. නික්මා යාම ටෙලි නාට්‍යයේ ඔහු ප්‍රධාන නළුවා විය.

රංගනයට අමතරව ඔහු ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙකි. 1985 දී පැවති ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා ධර්මසිරි වික්‍රමරත්නගේ හිමකතර නිර්මාණයට ද, 1986 දී ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දිලාගේ කතාව සඳහා සරසවිය සම්මානය ද දිනා ගත්තේ ය.

ඔහු රේඩියෝ ලංකා ගායකයෙක් වූ අතර ජනප්‍රිය ගීතයක් වන කොටා දමන්නා ගීතය අදටත් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් ආදරය කරන ජනප්‍රිය ගීතයකි.

1999 ජනවාරි 14 වන අද වගේ දිනක, ඔහු හදිසි අනතුරක් හේතුවන් සදහටම නිහඩ විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *