“ඔබ නොමැතිව වසරක් ගෙවුනේ නොදැනුවත්වම” – තේජා ඉද්දමල්ගොඩ තැබූ සටහන

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා සිය ජිවන රඟමඩලට සමුදී වසරක් ගත වී තිබෙනවා.

වසරක් ඉක්ම වුවත් මනෝරත්නයන් පිළිබඳ මතකයන් එකතුවෙන් ඔබ නොමැතිව වසරක් ගෙවුනේ නොදැනුවත්වම.. මනුසත්කම පිරුණ දයාබර පියෙකුගේ නික්මයාම…. ලෙසින් දීර්ඝ සටහනක් තේජා ඉද්දමල්ගොඩ සිය මුහුණු පොතට දැමු සංවේදී සටහන අද මෙලෙස අපි ඔබට සමීප කරන්නේ.

“ඔබ නොමැතිව වසරක් ගෙවුනේ නොදැනුවත්වම.. මනුසත්කම පිරුණ දයාබර පියෙකුගේ නික්මයාම. කලාවෙන් ලොවක් දිනු අතිදක්ෂ විශිෂ්ඨ නිර්මාණකරුවෙකුගේ අදිසි නික්මයාම. පාලුවෙන් පිරුණු අවුරුද්දක මතකය. ගරු පියානණී…..ඔබ කිසිවක් ආපහු රැගෙන ගියේ නැත. සියල්ල අප සතු කර මතකය හැමදාටම අප හිත් තුල රඳවා යන්නට ගියේ සියලු යුතුකම් පැහැදිලිව නිම කරමින්. ඔබගෙන් ඔබ ජීවිතයේ අවසාන කලා මෙහෙවර මා වෙනුවෙන් ඉටු කරන්නට ඔබ මාවම තොරා ගත්තේ ඇයි දැයි මට තවම අදහා ගැනීමට නොහැකිය. එය මගේ ජීවිතයේ වඩාත්ම භාග්‍යසම්පන්න අවස්ථාව බව කිව යුතුමය. ඔබ හදිසියේ රොගාතුර වූ මොහොතේ ඔබට වඩා මානසිකව කඩා වැටුනේ මමය. නමුත් ඔබ ලෙඩ ඇදේ සිට මා නැගිටුවා මා දිරිමත් කර වැටෙන හැම මොහොතම නැගිටින අයුරු ක්‍රියාවෙන් මා හට පෙන්වූයේ අපුර්වතම ආදර්ශයක් මගේ ජීවිතයට එක් කරමිනි. වැලදී ඇති රොගය දැන දැනත් ඔබ මානසිකව වැටුනේ නැත. ඔබ අප හැර යන්නට ගියේ ඔබගේ කලා දිවියේ අවසාන සිනමා නිර්මාණය ලෙස සියලු දේ මා වෙනුවෙන් ඉටු කර අපව ශක්තිමත් කර දීමෙන් පසු ය. ඔබගේ ආදරණීය දරුවන් දෙදෙනාට වගේම අපටත් එකසේම ඔබේ ආදරය කරුණාව නිරන්තරයෙන්ම බෙදා දුන් බව රහසක් නොවේ. ඔබ වෙනුවෙන් මා සමග මගේ ආශාවරී චිත්‍රපටියේ කන්ඩායම කළ යුතු යුතුකම් තව බොහොමයක් ඉතිරිව තිබේ. අපි ඔබ වෙනුවෙන් ඒ දේවල් කරන්නට ඔබට පොරොන්දු වෙමු. ඔබගේ ආදරණීය එකම පුත්‍රරත්නය වන භානුකගේ ප්‍රාර්ථනයට මම ද එක් වෙමින් ඔබට මීට වඩා යහපත් ලෝකයක යලි උපදින්නට ලබාවා..! ස්තූතියි ආදරණීය මනෝ අයියේ..! ආදරෙයි හැමදාටම….!”

ඩිජිටල් නිර්මාණය සහ අයිතිය – Digital Paintings by Dananjaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *