දර්ශන තලයක දැවැන්ත අනතුරක්. කාජල් නූලෙන් බේරෙයි.

කමල්හසන් රංගනයෙන් දායකවන ඉන්දියන් -2 චිත්‍රපටිය අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් තවත් පුද්ගලයින් දස දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි ඉන්දිය සිනමා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කලා අධ්‍යක්ෂක චන්ද්‍රන්, සහය අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා සහ නිෂ්පාදන සහයක ලෙස කටයුතු කළ මධු යන අයයි.

මේ අතර අදාළ අනතුරින් තම ජීවිතය බේරීම හාස්කමක් ලෙස දකින බවයි ඉන්දියන් 2 හි ප්‍රධාන නිළිය කාජල් අගර්වාල් ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ.

තමන් එම කම්පනයෙන් තවමත් මිදි නොමැති බවත්, අදාළ අනතුරින් මිය ගිය අය වෙනුවෙන් සිය සංවේගය පළ කරන බවත් එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඊයේ රාත්‍රීයේ අදාළ චිත්‍රපටියේ රූගත කිරීම් අතරතුර ක්‍රේනයක් කඩාවැටිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.මෙම අනතුර හේතුවෙන් චිත්‍රපටියේ ඉදිරි රූගත කිරීමේ කටයුතු තාවකාලිව නතර කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද අදාළ සිද්ධියෙන් මිය ගිය පිරිසට කමල්හසන් සිය ට්විටර් ගිණුමෙහි ශෝක පණිවුඩයක් තබා තිබෙනවා.
මෙම අනතුර ක්‍රේන් ක්‍රියාකරුගේ අත්වැරදීමකින් සිදූ ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එම ක්‍රියාකරු
මේ වනවිට පළාගොස් සිටින අතර අදාළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඉන්දියන් 2 දමිළ සිනමාවේ දැවැන්තයෙක් වන ශංකර් ගේ අධ්‍යක්ෂණයක්.

-ජෙගන් ගනේෂන්-

කාජල් අගර්වාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *