ඔස්කාර් සම්මාන දෙන්නේ කවුද?

දැනට ඇකඩමිය හෙවත් Academy of Motion Picture Arts and Sciences හී වලංගු ඡන්ද දායකයන් 8,469 සිටින අතර එය 2015 හා සාපේක්ෂව 35% වර්ධනයක්.

සියලුම ඡන්දදායකයන් ශාඛා 17 කට අයිති අතර අදාල ශාඛාව විසින් තමන්ගේ විෂය පථයට අදාල චිත්‍රපට නිර්දේශ කරනු ලබයි.

උදාහරණයක් ලෙස සංස්කාරකවරු විසින් සංස්කාරකවරු නිර්දේශ කරන අතර රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගන ශිල්පීන් ශිල්පිනියන් නිර්දේශ කරයි.

එක් එක් ශාඛාවක සමාජිකයින් කී දෙනෙක් සිටිනවද සහ ප්‍රධාන ශාඛා වලට ඇතුල් වීමට අවශ්‍ය අවම සුදුසුකම් ලෙස දැක්වෙන්නේ.

Actors branch( සමාජිකයන්1324)
Scripted roles 3ක් සහ එයින් එකක් හෝ පසුගිය අවුරුදු 5 ඇතුලත වීම

Cinematographers branch( සමාජිකයින් 273)
චිත්‍රපට 2ක වත් කැමරා අධ්‍යක්ෂක වීම සහ එයින් එකක් හෝ පහුගිය අවුරුදු 3 ඇතුලත වීම.

Directors branch(සමාජිකයන් 526)
චිත්‍රපට 2ක් අධ්‍යක්ෂණය කර තිබීම සහ එයින් එකක් වත් පසුගිය අවුරුදු 10 ඇතුලත වීම .

Film editors Branch(සමාජිකයන් 345)
Music Branch(සමාජිකයන් 345)
Writers Branch(සමාජිකයන් 485)
Producers Branch(සමාජිකයන් 583)
Casting directors Branch(සමාජිකයන් 128)
Costume designers Branch(සමාජිකයන් 154)
Designers Branch(සමාජිකයන් 343)
Documentary Branch(සමාජිකයන් 486)
Executive Branch(සමාජිකයන් 591)
Makeup and Hair styling(සමාජිකයන් 206)
Marketing and Public Relations Branch(සමාජිකයන් 514)
Members at large(සමාජිකයන් 378)
Short films and feature animation Branch(සමාජිකයන් 748)
Sound Branch(සමාජිකයන් 503)
Visual Effects Branch(සමාජිකයන් 545)

මේ සියලු සාමාජිකයන්ගේ දායකත්වයෙන් විශිෂ්ට නිර්මාණ ඔස්කාර් සම්මානයෙන් ඇගයේ.

-උදාර රාහුල-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *