දේශිය සිනමාව හෙට 73ක් සපුරයි

ශ්‍රී ලාංකේය සිනමාව ජනවාරි 21 එනම් හෙට දිනට වසර 73ක් සපුරයි. ඒ වෙනුවෙන් විශේෂ සැමරුමක් හෙට දිනයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සූදානම් කොට තිබේ. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා එදිනට වසර 48ක් ද වනවා.

දේශීය සිනමාවේ සංවත්සරය සඳහා නිමිත්ත කොට ගෙන තිබෙන්නේ 1947 ජනවාරි 21 වෙනිදා ජ්‍යෝතිෂ් සිංහා අධ්‍යක්ෂණය කළ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය තිරගත කළ දිනයයි.

මීට සමගාමීව අද (20) දින සවස 5.00 ට ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයත් හෙට (21) සවස 4.45 ට ‘සැඩ සුළං’ චිත්‍රපටයත් ප්‍රදර්ශනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *