ගෝල්ඩන් ග්ලෝබ් නිමයි. Joker ට සම්මාන. බ්‍රැඩ් පිට් ටත් සම්මානයක්.

ලෝකයේ විශිෂ්ටතම සිනමා හා රූපවාහිනි නිර්මාණ ඇගයෙන 77 වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල අද නිමාව දුටුවා. සුප්‍රකට මෙන්ම අභිමානවත් සම්මාන උළෙලක් වන ගෝල්ඩන් ග්ලෝබ් හි සම්මාන සැලකෙන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රතිමූර්තියක් ලෙසයි.

කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස් හි නිමාව දුටු සම්මාන රාත්‍රියේ බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි Joker චිත්‍රපටයේ වොකීන් ෆීනික්ස් හොඳම නලුවා සම්මානය දිනා ගත්තා. එමෙන්ම හොඳම චිත්‍රපටය සඳහා Joker සමඟින් මාර්ටින් ස්කොර්සර්සි ගේ The Irishman මෙන්ම සෑම් මෙන්ඩස් ගේ 1917 නිර්දේශ වී තිබුනා.

එයින් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුනේ සෑම් මෙන්ඩස් ගේ 1917 චිත්‍රපටය. එමෙන්ම තවත් බොහෝ දෙනා අවධානයෙන් බලා සිටි ටැරන්ටිනෝ ගේ Once Upon a Time in Hollywood චිත්‍රපටයද සම්මානයට පාත්‍ර වුනා. ඒ Best Motion Picture – Musical or Comedy ඛාණ්ඩය යටතේ හොඳම චිත්‍රපටය සම්මානය මෙන්ම හොඳම තිර රචනය සම්මානයයි.

එම චිත්‍රපටයේම ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ සමඟ රංගනයේ යෙදුණු බ්‍රැඩ් පිට් හට හොඳම සහය නලුවා සම්මානය පිරිනැමුණා.

2020 වසරේ සිසිල් බී. ඩිමයිල් සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ හොලිවුඩයේ ප්‍රවීණ රංගධර ටොම් හෑන්ක්ස්. එමෙන්ම පසුගිය වකවානුවේ ලෝකය පුරා කතා වුනු කොරියානු චිත්‍රපටයක් වන Parasite හොඳම විදෙස් භාෂා සිනමාපටය ලෙස නම් වුනා.

ප්‍රියංකා සමඟින් නික් ජෝනාස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *