රජිනි කාන්ත් ගේ ‘බාෂා’ විශේෂ දැක්ම දා (Photos)

අදට යෙදෙන (12) රජිණි කාන්ත් ගේ 69 වෙනි ජන්ම දිනය නිමිතිකොට ගෙන ඔහු රංගනයෙන් හැඩ කළ ‘බාෂා’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුනා. ඒ කලම්බු සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා සංකීර්ණයේ. ‘බාෂා’ මුල් වරට ප්‍රදර්ශනය වන්නේ 1995 වසරේදී.

ඒ අනුව චිත්‍රපටයටද වසර 25ක් සපිරෙනවා. එදින තිරගත කළ බාෂා චිත්‍රපටය ප්‍රතිෂ්ටාපනය කළ චිත්‍රපටයක් වන අතර සිංහල උපසිරැසි ද එක් කොට තිබුණා. චිත්‍රපටය මෙරටට ගෙන්වා තිබුනේ ගුර්ප්‍රීට් බජාජ් මහතා ප්‍රමුඛ පිරමිඩ් මීඩියා සමාගම විසින්. මෙම අවස්ථාව සඳහා සිනමා ප්‍රදර්ශන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් එක්ව සිටියා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *