‘කැමරාවෙන් ලියැවෙන මානව කතාන්දරය’ හෙට (12) එලිදැක්වෙයි

සුමින්ද කිත්සිරි ගුණරත්න රචිත සිනමාව සහ සමාජය පිළිබඳ ඇකඩමික් ග්‍රන්ථයක් වන ‘කැමරාවෙන් ලියැවෙන මානව කතාන්දරය’ හෙට (12) එලිදකිනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. සවස 2.30 ට ග්‍රන්ථය එලිදැක්වීම ආරම්භ වනවා.

කෘතිය හඳුන්වා දීමේ දේශනය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් සිදු කරන අතර සිනමාවට සබැඳි දේශන 3ක් සිදුකිරීමට නියමිතයි.

ඒ සඳහා සිනමාවේ ප්‍රවීණයන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ඈෂ්ලි රත්නවිභූෂණ සමඟින් එම්.ඩී මහින්දපාල එක් වෙනවා.

මෙම එලිදැක්වීම සඳහා සංවිධාන අනුග්‍රහය ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා හා විඥාපන ආයතනය සමඟින් නෙප්චූන් ප්‍රකාශන.

ග්‍රන්ථය එලිදැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වටිනා වාර්තා චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *