17 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල නිමයි

17 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල පසුගිය 26 වනදා රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් නිමා වුනා. උළෙල පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී. 2016/ 17 / 18 යන වසර තුන තුල තිරගත වූ චිත්‍රපට සඳහා සම්මාන ලබා දීම උළෙලේදී සිදු වුනා.

ජූරි සම්මාන වලට අමතරව ස්වර්ණ සිංහ, විශ්ව කීර්ති සහ පුරෝගාමී සම්මාන කලාකරුවන් වෙත පිරිනැමුණු ලැබුවා.

සම්මාන උළෙල සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේඛම් බර්නාඩ් වසන්ත, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල යන මහත්ම මහත්මීන් සහභාගී වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *