Sacred Games 2 අගෝස්තුවේ. Trailer එක එලියට…

ලෝ ප්‍රකට Netflix විසින් ඉන්දියාවේ නිපදවන ලද පළමු මාලා නාටකය (TV Series) වන Sacred Games හි දෙවන කොටස එළඹෙන අගෝස්තු 15 වනදා එලි දැක්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඊට පෙර Netflix විසින් සැලසුම් කර තිබුනේ එය ජූනි මස අග එලි දැක්වීමටයි. නමුත් සයිෆ් අලි ඛාන් ගේ සහ නවාසුදීන් සිද්දීකී ගේ කාර්යබහුලත්වය මත එය කල් ගියා. සයිෆ් අලි ඛාන් ඒ වන විටත් ඉන්දියාවේ රැඳී සිටියේ නැහැ.

කෙසේවෙතත් පසුව සැලසුම් කළ පරිදි අගෝස්තු මාසයේදී එළි දැක්වීම සැලසුම් කෙරුනා.

සමස්ත මුම්බායි නගරයම එක මොහොතකින් විනාශ කළ හැකි බලවත් සැලසුමක් හෙළිවීම සහ එය ව්‍යර්ථ කිරීමට දින 25ක් තුල පොලිස් නිලධාරියෙක් දැඩි උත්සහයක් දැරීම Sacred Games පළමු කොටසේදී දැක්වුණා. දෙවන කොටසේදී පොලිස් නිලධාරියාට (සයිෆ් අලි ඛාන්) තවත් දින 13ක් මෙම මෙහෙයුම සඳහා ඉතිරිව තිබෙනවා.

ප්‍රථම කොටසේදී පාතාලය හා ආගම සම්බන්ධව කතාව දිග හැරුණු අතර පාතාල නායක ගනේෂ් ගයිතොන්ඩේ ගේ චරිතය නිරූපණය කළ නවාසුදීන් සිද්දීකී විශිෂ්ට චරිත නිරූපණයක නියැළුනා. ඒ අනුව දෙවන කොටසේ පුරෝකථන අනුව ගනේෂ් ගයිතොන්ඩේ විසින් අප්‍රිකානු රටක රැකවරණයට යාමට නියමිතයි. එම රූපගත කිරීම් කෙන්යාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සිදු කර තිබෙනවා.

මෙම 2වන කොටස අධ්‍යක්ෂණය කරන්නේ සිනමා අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප් සමඟින් නීරාජ් ග්වයින්. පළමු කොටස් මාලාවට එක්වූ සිනමා අධ්‍යක්ෂ වික්‍රමාදිත්‍ය මොට්වානේ දෙවන කොටස් මාලාවට එක්‌ වන්නේ නැහැ. අලුතින් එක්වූ රංගන ශිල්පීන් ලෙස රන්වීර් ශෝරේ සමඟින් කල්කි කොෂ්ලින් චරිත නිරූපණය කරද්දී පළමු කොටසේ සීමාසහිත නිරූපණයක් කළ පන්කජ් ත්‍රීපති මෙහි වැඩි කාලයක් නිරූපණය කරනවා.

ලංකාවේ TV Series රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ මෙම සිනමාත්මක Serial එක නිර්මාණය වූයේ වික්‍රම් චන්ද්‍ර ගේ ‘Sacred Games’ නවකතාව ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *