සියලු වෙනස්කම් වලට එරෙහිව ‘Article 15’

පසුගිය 28 වනදා සිට ලොව පුරා තිරගත කිරීම ඇරඹු හින්දි චිත්‍රපටයක් වූයේ ‘ආර්ටිකල් 15’. මේ වන විටත් ඉන්දියාව තුල ක්‍රමයෙන් ජනප්‍රියත්වයක් ලබමින් ආර්ටිකල් 15 ප්‍රදර්ශනය වන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අයුෂ්මන් කුරානා. සරලවම ගතහොත් කුල ක්‍රමය මත පදනම්ව මිනිසෙක් තවත් මිනිසෙක්ව නිර්ණය කිරීම සහ සැලකීම ඉන්දියාවේ ග්‍රාමීය ස්ථරයේ අදටත් පවතින සිරිතකි. එවන් තත්වයක් තුල පහත් යැයි සම්මත කුලයක දැරියන් දෙදෙනෙකු මරා දැමීමට ඉහල කුලැත්තන් කටයුතු කිරීම ආර්ටිකල් 15 චිත්‍රපටයට වස්තු විෂය වී තිබෙනවා.

‘ආර්ටිකල් 15’ යනු ඉන්දීය ව්‍යවස්ථාවේ එහෙමත් නැතිනම් උත්තරීතර නීතියේ 15 වන වගන්තියයි. එම වගන්තිය අනුව කිසිම පුරවැසියෙක් ජාතිය, ආගම, කුලය, උපන් ප්‍රදේශය ආදී දේ මගින් වෙනස් කොට සැලකිය නොහැක.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අනුබව් සිංහා. ඔහු මීට පෙර ශාරුක් ඛාන් ගේ ‘රා වන්’ පවා අධ්‍යක්ෂණය කළා. ආර්ටිකල් 15 ඔහුගේ තවත් දක්ෂ අධ්‍යක්ෂණයක්.

මෙම විශිෂ්ට චිත්‍රපටය මේ වන විට ලංකාවේද තිරගත වනවා.

කොල්ලුපිටිය ලිබර්ටි ලයිට්, මහරගම ඇමිටි ලයිට්, මොරටුව මැක්ස් ලයිට් ඇතුළු සිනමාහල් රැසක ‘ආර්ටිකල් 15’ තිරගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *