සාර්ක් සිනමා උළෙල හෙට සිට

රටේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් කල් ගිය 9 වැනි සාර්ක් සිනමා උළෙල ජූලි 2 එනම් හෙට සිට ලබන 7 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි. හෙට සිට 7 වනදා දක්වා දකුණු ආසියානු කලාපයේ සිනමාපට රාශියක් ප්‍රදර්ශනයට නියමිතයි. සියලු චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමා ශාලාවේදී.

මීට සමගාමිව සිනමාව ගැන වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතයි. ඒ ජූලි 5 උදෑසන 10ට Colombo Film & Television Academy හිදී. හෙට සිට තරංගනී සිනමා ශාලාවට පැමිණෙන ඔබට ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

හෙට දිනයේදී ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට –

උදෑසන 11.30 ට – ‘පද්මාවත්’ (ඉන්දියාව)

සවස 2.45 ට – Bulbul (නේපාලය)

සවස 5.15 pm – A Quarter Mile Country (කෙටි – බංග්ලාදේශය)

සවස 6.15 pm – Motorcycle Girl (පකිස්තානය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *