දෙරණ සිනමා සම්මාන උළෙල අද රාත්‍රියේ…

7 වන වරටත් පවත්වන දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල අද (28) රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ නෙලුම් පොකුණ රඟහලේදී. සවස 6 ට උළෙල ආරම්භ වන අතර රාත්‍රී 9.30 සිට උළෙල TV දෙරණ ඔස්සේ සජීවීව විකාශය වනවා.

මෙවර උළෙලේදී ජූරි සම්මාන 15ක් ජනප්‍රිය ඛාණ්ඩයේ සම්මාන 7ක් සහ අනාගත සිනමාව ඛාණ්ඩයේ සම්මාන 3ක් ප්‍රධානය කිරීමට නියමිතයි. ජීවිතයට එක් වරක් පමණක් හිමිවන සම්මානය මෙවර හිමිවන්නේ අමරසිරි කලංසූරිය මහතාටයි.

ජූරිය සමන්විත වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ජූඩ් රත්නම්, ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්.ඩී මහින්දපාල, අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය, අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සමඟින් රංගවේදිනි නදීකා ගුණසේකර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *