ගිරිෂ් කර්ණඩ්ගේ අභාවය වෙනුවෙන් ශෝක කාලයක්

ඉන්දීය ජ්‍යෙෂ්ට කලාකරු ගිරිෂ් කර්ණඩ් ගේ අභාවය නිමිති කොට ගෙන එතුමන් ජීවත් වූ ප්‍රාන්තය වන කර්ණාටක ප්‍රාන්තය දින 3ක කාලයක් ශෝක කාලයක් ලෙස නම් කොට තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ නිල මට්ටමේ උත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එමෙන්ම කර්ණාටක ප්‍රාන්ත රජයේ කරන්නට නියමිතව තිබූ කැබිනට් සංශෝධනයද මේ ශ්‍රේෂ්ට කලාකරුවාගේ අභාවය නිසා අත්හිටුවා තිබෙනවා. ඊයේ දිනයේදී එතුමාණන්ගේ පවුලේ අයගේ සහභාගිත්වයෙන් එතුමන්ගේ දේහය ආදාහනය කර ඇත. එයට ප්‍රබල නාමධාරීන් සහභාගී වී නැති අතර චාම් උත්සවයක් ලෙස බැංගලෝර් හි ආදාහනය කර තිබෙනවා.

ගිරිෂ් කර්ණඩ් ඉන්දීය කලා ඉතිහාසයේ සුවිශේෂ චරිතයක්. විශිෂ්ට සිනමා තිර රචකයෙකු වූ ගිරිෂ් විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්ද සම්මාන දිනා තිබෙනවා. ඔහු ඉන්දීය පුරවැසියෙකුට ලැබිය හැකි තුන් වැනි ඉහළම සම්මානය වන පද්ම භූෂන් සම්මානයටද පාත්‍ර වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට 81 වන වියේ පසු වූ ගිරිෂ් කර්ණඩ් හැඳින්වෙන්නේ ඉන්දීය කලාව තුල සමකාලීන සමාජ භාවිතාවන් ඉතා හොඳින් ස්පර්ශ කළ තිර කතා කරුවෙක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *