සාර්ක් සිනමා උළෙල කල් යයි

අද සිට උත්කර්ෂවත් ලෙස ආරම්භ වීමට නියමිතව තිබූ 9 වන සාර්ක් සිනමා උළෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මේ පිලිබඳ කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය හෙළවුඩ් POPCORN සමඟ අදහස් ප්‍රකාශ කොට සිටියා. සාර්ක් කලාපයේ රටවල් වල දක්ෂ නිර්මාණ කරුවන්ගේ සිනමාපට රැසක් පසුගිය වකවානුවේ සාර්ක් සිනමා උළෙල තුල ප්‍රදර්ශනය වූ අතර ලාංකේය සිනමාකරුවන් රාශියක් එහි ඇගයීමට ලක් වුණා.

නමුත් මෙවර එම කර්තව්‍ය නිසියාකාරව කර ගැනීමට රටේ පවතින අවිනිශ්චිත හා අනාරක්ෂිත වාතාවරණය යටතේ සිනමා උළෙල දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බව සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් උළෙල කෙසේ හෝ මතු දිනයක පැවැත්වීමට තම මධ්‍යස්ථානය අදහස් කරන බවද ඔවුන් අප සමඟ ප්‍රකාශ කළා. සිනමා උළෙල පැවැත්වීමට නියමිතව තිබුනේ මැයි 7 සිට 12 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.

ලාංකේය තරුණ නිර්මාණ කරුවන්ගේ චිත්‍රපට කිහිපයක්ද මෙවර උළෙලට අන්තර්ගත කොට තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *