බංග්ලාදේශ සිනමා උළෙල මෙවරත්

දෙවන වරටත් පැවැත්වෙන බංග්ලාදේශ සිනමා උළෙල 29 වනදා සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයයි. ඒ සඳහා දායකත්වය ජාතික චිත්‍රපට සංස්ථාවෙනි.

29 වනදා සිකුරාදා සිට 31 වනදා ඉරිදා දක්වා උළෙල පැවැත්වෙනවා. මෙවර උළෙල සඳහා ප්‍රදර්ශනය වන චිත්‍රපට බංග්ලාදේශයෙන් පිටත අතිශය ප්‍රසාදයට පත් වූ ජාත්‍යන්තර චිත්‍රපට වේ. එමෙන්ම ලංකාවේ ප්‍රදර්ශනය වන බොහෝ සිනමා උළෙලවල් වලදී චිත්‍රපට පෙන්වන්නේ ඩී වී ඩී මාධ්‍යයෙන් වුවත් මෙවර බංග්ලාදේශ සිනමා උළෙලේ සියලුම චිත්‍රපට ප්‍රමිතියෙන් උසස් ඩිජිටල් ප්‍රක්ෂේපනයෙන් තිරගත කිරීමට නියමිතයි.

ඒ අනුව 29 වන සිකුරාදා සවස 5.30 ට බංග්ලාදේශ මහා කොමසාරිස් අතිගරු රියාස් හමිදුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් උළෙල ආරම්භ වේ.

චිත්‍රපට පහතින් –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *