පප්පා ගමේ කට්ටිය ආයෙත් සිනමාවට

අපි කාලයක් ආසාවෙන් බලපු සූර පප්පා කාටූන් එකේ චිත්‍රපටයක් ඔන්න ඇවිල්ලා. මීට කලින් ලෝකෙට ආපු සූර පප්පා ඒ කියන්නේ Asterix චිත්‍රපට ත්‍රිමාන වගේම ද්විමාන වශයෙනුත් තිබුනා. මේ වෙනකොට තිරගත වෙන චිත්‍රපටයත් ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ වෙන්නේ වෙද පප්පට වෙච්ච අකරතැබ්බයක් නිසා මැජික් අරිෂ්ටේ හදාගන්න කෙනෙක් හොයාගන්න පප්පලා ටික ගන්න උත්සහය තමයි මේ චිත්‍රපටයේ සාරාංශය.

Asterix: The Secret of the Magic Potion තමයි චිත්‍රපටයේ නම. පහුගිය දෙසැම්බර් මාසයේ ප්‍රංශ භාෂාවෙන් ප්‍රථම වරට ප්‍රංශයේදී තිරගත කිරීම ඇරඹුවා. මේ වන විටත් ලොව පුරා ඉංග්‍රීසි භාෂාවෙන් තිරගත වෙන Asterix: The Secret of the Magic Potion ත්‍රිමාන චිත්‍රපටය දැන් ශ්‍රී ලංකාවටත් ඇවිත්.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් දෙන්නා තමයි Alexender Astier සහ Louis Clichy.

පප්පා ගමේ අලුත් සිද්ධිය බලන්න පුලුවන් සිනමාහල් – මැජස්ටික් සිටී , එම්පයර් – ආර්කෙඩ් , ලිබර්ටි ලයිට් – කොල්ලුපිටිය , මැක්ස් ලයිට් – මොරටුව , විස්ටා ලයිට් – ජා ඇල , සිටී සිනමා – ගල්කිස්ස

-උදාර –

පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *