Captain Marvel පෙන්වූ අමුතු අවසානය

Captain Marvel කියන්නේ පසුගිය දා ලොව පුරා තිරගත වීම ඇරඹු Marvel චිත්‍රපටයයි. චිත්‍රපටයට ලැබුණු ජනප්‍රියත්වය සේම එහි අවසාන තේමාවටද ලොව පුරා රසික අවධානය යොමු වුනා.

End Credit Scene කියන්නේ මාවල් සිනමා විශ්වයේ විවිධ චිත්‍රපට එකට එකක් සම්බන්ධ කරන්න එහි නිර්මණකරුවන් විසින් යොදන උපක්‍රමයක් වන අතර, රසිකයන්ටද ඉදිරියේ එන චිත්‍රපට ගැන අවබෝධයක් දෙන ක්‍රමයක්. සරලවම කියනවානම් චිත්‍රපටයේ අවසානයට යොදන නාමාවලිය සමඟ යොදන දර්ශනයක් තමයි මේ End Credit Scene එක.

මෙයින් බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි hype එකක් නිර්මාණය කීරීම. මේ දින වල ලොව පුරා සාර්ථකව තිරගත වන Captain Marvel චිත්‍රපටයේ End Credit Scene 2ක් අඩංගු අතර ඉන් එකක් කෙළින්ම Avengers – Endgame චිත්‍රපටයට සම්බන්ධ වනවා. Avengers – Endgame චිත්‍රපටය අප්‍රේල් 26 සිට ලොව පුරා තිරගත වනවා.

End Credit Scene 1 –

මෙය ආරමභ වන්නේ Infinity War හී අවසානයේ Nick Fury විසින් Captain Marvel ට පණිවිඩයක් යවන pager එක Avengers මූලස්ථානයේ හි තිබෙන දර්ශනයකින් වන අතර Captain America හා Black Widow, Bruce Banner, War machine snap එකෙන් අතුරුදන් වූවන් ප්‍රමාණය බලන අතරතුර Captain Marvel Avengers මූලස්ථානයට පැමිණ “Where’s Nick Fury “ යනුවෙන් අසන දර්ශනයකින් එය අවසන් වේ.

End Credit Scene 2 හි සිදුවන්නේ Goose නම් පූසා විසින් ගිල දැමූ Tesseract එක Nick Fury ගේ මේසය මත වමාරන දර්ශනය පෙන්වීමයි.

-උදාර-

Avengers – END GAME පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *