ෂෙහාන් ගේ ‘Chinaman’ බොලිවුඩ් වලින් රිදී තිරයට

ලේඛක ෂෙහාන් කරුණාතිලක 2012 දී පල කළ ‘Chinaman’ – The Legend of Pradeep Mathew ඉංග්‍රීසි නවකතාව ජාත්‍යන්තර සිනමාපටයක් ලෙස එලි දැක්වීමට යන බව හෙළවුඩ් POPCORN වෙත තොරතුරු ලැබුනා. අද වන විට ලෝකයේ ජනප්‍රිය ක්‍රිකට් සම්බන්ධ නවකතාවක් ලෙස ඉමහත් ජනප්‍රියත්වයක් ඇති Chinaman ජාත්‍යන්තර සිනමා පටයක් බවට පත් කරන්නට යන්නේ බොලිවුඩයේ නිෂ්පාදන සමාගමක්. එම නවකතාවේ ඉංග්‍රීසි පිටපතේ අයිතිය හිමිකරගෙන තිබෙන්නේද ප්‍රකට ඉන්දීය ප්‍රකාශන ආයතනයක් වන Penguin විසින්.

‘Chinaman’ යන නාමය බැලූ බැල්මට චීනයට සම්බන්ධ ලෙස පෙනුනත් එය ඇත්තෙන්ම හෙළි කරන්නේ වමත් මැණික් කටුව කරකවා දඟ පන්දු යවන පන්දු යවන්නා හෙවත් චයිනමන් කෙනෙකු ගැන සොයන මාධ්‍යවේදියෙකු ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන ආකාරයයි. එම කෘතිය පසු කාලෙක සිංහලයට පරිවර්තනය වූ අතර එය පරිවර්තනය කළේ දිලීප අබේසේකර විසින්. ‘චයිනමන් – ප්‍රදීප් මැතිව් ගේ ක්‍රිකට් ප්‍රවාදය ලෙස එය සිංහලෙන් නම් වුනි. ලංකාවේ බොහෝ තරුණ ප්‍රජාව ඉතා ඉහලින් කතා කළ නවකතාවක් ලෙස චයිනමන් හැඳින්විය හැක. එමෙන්ම 2012 දී පොදුරාජ්‍ය මණ්ඩල සාහිත්‍ය සම්මාන හි හොඳම නව කතාවට හිමි සම්මානය ලැබුනේද ‘Chinaman’ වෙතයි.

විශේෂයෙන්ම මෙම කෘතියේ විශිෂ්ටත්වය ගැන ලෝ ප්‍රකට ලේඛකයන් දෙපලක් වන මයිකල් ඔන්ඩච්චි මෙන්ම සල්මන් රුෂ්ඩි පවා අගයා අදහස් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙම කෘතිය චිත්‍රපට ගත වීම ලංකාවේ නාමය තවත් ප්‍රකට කරන්නට ලැබෙන අනගි අවස්ථාවක් බව කිව යුතුමය.

ෂෙහාන් කරුණාතිලක අද වන විට සිංගප්පූරුවේ වෙසෙන අතර ශ්‍රී ලංකාවේ දී ඔහු වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ දිගු කලක් නියැලුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *