ගින්නෙන් උපන් සීතල ගැන කතිකාවත් 2ක්

‘ලාංකේය විප්ලවය සහ ගින්නෙන් උපන් සීතල’ නමින් සහ ‘ගින්දර සීතල සහ අරගලය’ නමින් විශේෂ සිනමා කතිකාවත් 2ක් කොළඹදී සංවිධානය කර තිබෙනවා.

‘ලාංකේය විප්ලවය සහ ගින්නෙන් උපන් සීතල’ කතිකාවත පෙබරවාරි 20 වනදා බදාදා සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර ඊට සිනමාවේදී අශෝක හඳගම, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි , ජ්‍යෙෂ්ට කථිකාචාර්ය මහේෂ් හපුගොඩ සහභාගී වනවා.

‘ගින්දර සීතල සහ අරගලය’ කතිකාවත පෙබරවාරි 21 වනදා බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ 7 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වෙන අතර ඊට සහභාගී වන්නේ සිනමා විචාරක භූපති නලින් , සිනමා විචාරක විදර්ශන කන්නංගර , පුබුදු ජයගොඩ සමඟින් සමන් ප්‍රියංකර විතානගේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *