හංස විලක් ඉන්දියාවේ

ධර්මසිරි බණ්ඩාරනායකයන් අධ්‍යක්ෂණය කළ හංස විලක් චිත්‍රපටය සඳහා ඉන්දියාවේ පූනේ නුවර විශේෂ දැක්මක් සංවිධානය කර තිබෙනවා. ඒ පූනේ හි ජාතික චිත්‍රපට සංරක්ෂනාගාර ශ්‍රවණාගාරයේදී. ඉන්දියාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල සම්භාවනාවට පත් චිත්‍රපට ජාතික චිත්‍රපට සංරක්ෂනාගාරය තුළ ප්‍රදර්ශනය කිරීම නිතරම සිදු වනවා. ඒ අනුව විශේෂ දැක්මක් හා කතිකාවතක් හංස විලක් වෙනුවෙන් ලැබීම ශ්‍රී ලංකාවට ලැබෙන විශේෂ ගෞරවයක්. එමෙන්ම එම ශ්‍රවණාගාරය ඉන්දියාවේ ගෞරවයට පත් සුවිශේෂී ස්ථානයක්.

හංස විලක් මුලින්ම ප්‍රදර්ශනය වූයේ 1980 වසරේදීය. පසු කාලීනව අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක විසින් හංස විලක් ඩිජිටල් පිටපතක් ලෙස යලි සැකසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *