යළිත් හොඳම නලුවා Rami Malek

British Academy of Film and Television Arts හෙවත් BAFTA සම්මාන උළෙල ඊයේ (10) නිමා වූයේ උත්කර්ෂවත් අයුරින්. ඒ ලන්ඩන් නුවර රෝයල් ඇල්බට් ශාලාවේදී. 2019 වසර සඳහා සම්මාන උළෙල පැවැත්වුනේ 72 වැනි වතාවටයි.

මෙවර BAFTA ගැන බොහෝ සිනමා ප්‍රේමීන්ගේ අවධානය යොමු වූයේ නාම යෝජනා සඳහා සුවිශේෂී චිත්‍රපට රාශියක්‌ ඉදිරිපත්ව තිබුන නිසාවෙන්. එමෙන්ම ඔස්කාර් උළෙලට පෙර එහි නාම යෝජනා කිහිපයක් BAFTA තුල අඩංගු වීම නිසා සිනමා ප්‍රේමින් ඒ දෙස වඩා වඩා අවධානයක් යොමු කළා විය යුතුයි.

කෙසේ වෙතත් බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි Rami Malek හොඳම නලුවා සම්මානය දිනා ගත්තේ Bohemian Rhapsody හි Freddie Mercury ගේ චරිතය වෙනුවෙන්. එමෙන්ම තවත් අතිශය ජනප්‍රිය මෙන්ම විශිෂ්ට සජීවිකරණ චිත්‍රපටයක් වූ SPIDER-MAN: INTO THE SPIDER-VERSE චිත්‍රපටයටයි.

ඒ අනුව ප්‍රධාන පෙලේ සම්මාන The Favourite – 7ක් Roma – 4ක් Bohemian Rhapsody – 2ක් Black Panther – 1ක් BlacKkKlansman – 1ක් Green Book – 1ක් Vice – 1ක් A Star is Born – 1ක් ලෙස ඉහත චිත්‍රපට වලට බෙදී ගියා.

BAFTA හි හොඳම චිත්‍රපටය ලෙස ROMA චිත්‍රපටයත්, හොඳම අධ්‍යක්ෂ ලෙස හා හොඳම කැමරාකරණය ලෙස අල්ෆොන්සෝ කියුරන් ROMA වෙනුවෙනුත් සම්මාන දිනා ගත්තා.

ඔස්කාර් සම්මාන උළෙල මේ මස 24 වනදා ලොස් ඇන්ජලිස් හි ඩොල්බි තියටර් හි පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *