හසුන් සමීරගේ “Screwjack” කෙටි චිත්‍රපටය – ඇමරිකාවේ ටුවෙන්ටි වන් අයිලන්ඩ්ස් උළෙලට

Sri Lanka Guardian – 2019 පෙබරවාරි 6

යොවුන් නිර්මාණ ශිල්පී හසුන් සමීරගේ කුළුදුල් කෙටි චිත්‍රපටය වන “Screwjack” මේ මස 07 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 03 වෙනි ටුවෙන්ටි වන් අයිලන්ඩ්ස් අන්තර්ජාතික කෙටි සිනමාපට උළෙල (21 Islands International Short Film Fest) නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව එළඹෙන 09 වෙනි සෙනසුරාදා සවස 5.00ට එම සිනමාපටය උලෙළේදී මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ. මෙවර අයදුම්පත් ලෙසින් උළෙලට ඉදිරිපත් වූ 1500කට ආසන්න කෙටි සිනමාපට අතුරින්, රටවල් 21 නියෝජනය කරන කෙටි සිනමාපට 38ක් උළෙල නියෝජනය කිරීමට නිළ වශයෙන් සුදුසුකම් ලබා ඇත. මෙය “Screwjack” සිනමාපටයේ පළමු අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනයයි.

“Screwjack” සිනමාපටයේ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර රචනය සමීර හසුන් ගෙන් වන අතර හේමසිරි ලියනගේ, සංජීව උපේන්ද්‍ර, දිලිනි ලක්මාලි තිරිමාන්න මෙහි රංගනයෙන් දායක වේ. චින්තක සෝමකීර්ති කැමරාකරණයෙන් ද, සංස්කරණයෙන් චන්දන ලියනගේ, පාලිත අබේරත්න සංගීතයෙන් ද, සංජීව කරුණාරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද මීට දායක වී ඇත. මලික් ජයසිංහගේ අංග රචනයෙන් ද, පුබුදු ධනංජයගේ ශබ්ද සංකලනයෙන් ද හැඩගැන්වී ඇති මෙහි වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍රගෙනි. මෙහි නිෂ්පාදන කළමනාකරු රංජිත් සුරංග වන අතර බුද්ධික අබේරත්න සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ. “Screwjack” සහන් වික්‍රමසිංහගේ විධායක නිෂ්පාදනයකි.

විකාශනය නිමවූ මීදුම් අම්මා, යාල් දේවි, පැරීසියට යන පාර සහ දැනට විකාශනය වන
අහස් මාළිගා යන ටෙලි නිර්මාණයන්හී අධ්‍යක්ෂකවරයා ලෙසත් වර්තමානයේ අසීමිත ජනතා ප්‍රතිචාර මත තිරගත වන “ගින්නෙන් උපන් සීතල” සිනමාපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙසත් හසුන් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *