නුවන් ගේ ‘සුළඟ අප රැගෙන යාවි’ ළඟදීම තිරයට

ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අටක් නියෝජනය කරමින් තරඟකාරී අවසන් අදියරේ හොදම චිත්‍රපට අතරට නිර්දේශිත “සුළඟ අප ‍රැගෙන යාවි” ප්‍රදර්ශනයට සූදානම් බව හෙළවුඩ් POPCORN අපට දැනගන්නට ලැබුණා. ලන්ඩනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු මෙන්ම තරුණ සිනමාකරුවෙකු වන නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ජගත් සම්මාන ‍රැසක් දිනාගෙන ඇති අතර 58 වන ආසියානු පැසි‍ෆික් සිනමා උළෙලේ 2018 තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරී පත්වී ඇත.

කලක් තරුණ මාධ්‍යවේදියෙකු ලෙසද වෙළඳ දැන්වීම්කරණයේද යෙදුණු නුවන් සිය ප්‍රථම සිනමාපටය ලෙස ‘සුළඟ අප රැගෙන යාවී’ රූපගත කිරීම ඇරඹුවේ 2015-16 වකවානුවේදීය. සුන්දර ළමා චිත්‍රපටයක් ලෙස සුන්දර දර්ශන තල වල රූපගත කෙරුනු “සුළඟ අප ‍රැගෙන යාවි” චිත්‍රපටයේ නිෂ්පාදනය ප්‍රවීණ ගත් කතුවර සයිමන් නවගත්තේගමගේ දියණිය වන මායා නවගත්තේගම විසින් සිදුකර ඇත.

නුවන් ජයතිලක
සුළඟ අප රැගෙන යාවී පූර්ව ප්‍රචාරක පටය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *