මම්මුට්ටිට කැපිල්ලක්?

මම්මුට්ටි කියන්නේ කේරලයේ මලයාලම් සිනමාවේ දැවැන්තම නලුවෙක්. පසුගිය දිනවල මම්මුට්ටි ජනප්‍රිය වුනේ කාරණා 2කට. එකක් තමයි ඔහු රඟපෑ දමිල චිත්‍රපටයක් වන ‘පෙරන්බු’ මේ පෙබරවාරි මස සිට ඉන්දියාවේ තිරයට එන්න නියමිතයි. එම චිත්‍රපටය ඉතා ඉහලින් ඇගයීමට ලක් වුන නිසා මම්මුට්ටි ගැන කතා බහ අලුත් වුනා. ඒ වගේම පෙරන්බු චිත්‍රපටය imdb දර්ශකයේ 9.5 දක්වා ශ්‍රේණිගත වී තිබුනා. ඒ තමයි පළමුවන කාරණය. දෙවෙනි කාරණය තමයි කැපිල්ලට හේතුවක් වූවා යැයි සැක කෙරෙන්නේ. ඒ කාරණය තමයි පසුගිය දිනක මලයාලම් සිනමාවේ තවත් දැවැන්තයකු වන මෝහන්ලාල් ඉන්දියාවේ පුරවැසියෙකුට පිදෙන තුන් වැනි ඉහලම සම්මානය වන ‘පද්ම භූෂන්’ සම්මානය ලැබීම.

විශේෂත්වය වන්නේ මෝහන්ලාල් ට වඩා ජ්‍යෙෂ්ටයකු වන මම්මූට්ටි ට තවමත් පද්ම භූශන් සම්මානය නොලැබීම. ඒ සම්බන්දයෙන් දකුණු ඉන්දියාවේ සමාජ ජාල වල විශේෂ කතා බහක් ඇතිවුනා. වඩා ජ්‍යෙෂ්ටයෙක් සහ දක්ෂයෙක් වන මම්මූටි ට පද්ම සම්මානය නොලැබී මොහාන්ලාල් එම සම්මානයක් ලැබීම සිද්ධ වෙන්නේ ඔහුගේ මොන විශේෂත්වයක් නිසාදැයි සමාජ ජාල වල ප්‍රබලව ප්‍රශ්න කෙරුනා. එහිදී මතු වුනු ප්‍රබල කරුණක් වුනේ මෝහන්ලාල් හට උතුරු ඉන්දියාව සමඟ තියෙන ප්‍රබල සබඳතායි. නරේන්ද්‍ර මෝඩි ගේ රජය සමඟ තිබෙන ප්‍රබල සබඳතා මෙන්ම හින්දු ආගමික දැඩි මතධාරී කණ්ඩායම් සමඟ ඔහුගේ හිතවත්කම් ගැනද සමාජ ජාල වල වැඩියෙන් ඉස්මතු වුනා. එයින් සමාජ ජාල වල විවිධ කණ්ඩායම් මතු කළේ මෝහන්ලාල් ට තිබෙන සම්බන්ධතා මම්මූටි ට නොමැති හෙයින් ඔහුට මෙම කැපිල්ල මධ්‍යම රජයෙන් එල්ල වූ බවයි.

කෙසේවෙතත් මෙම උත්කර්ෂවත් සම්මානය පිරිනමන්නේ ඉන්දීය මධ්‍යම රජයේ නාමයෝජනා පරිදිය. ඉන්දියාවේද ලංකාවේ මෙන් උතුර හා දකුණ ගැන මත හා සංස්කෘති වල වෙනස්කම් බහුලව තිබෙන නිසා දකුණු ඉන්දියාවට කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව ඉන්දියාවේ ප්‍රබල ප්‍රසිද්ධ රහසක්. එම නිසා මම්මූටිට එවන් සැලකිල්ලක් ලැබුනා නම් එය ඉහත කාරණය නිසා බව දැන් සමාජ ජාල මතයක් වී තිබෙනවා.

67 හැවිරිදි මම්මූටි දැනට 350 කට අධික චිත්‍රපටවල ගණනක රංගනයේ යෙදී තිබෙනවා. එම කාලය වසර 40 කටත් වැඩිය.

පෙරන්බු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *