මෙරට රූගත කළ දැවැන්තම ජාත්‍යන්තර චිත්‍රපටය ළඟදීම තිරයට

මෙතෙක් මෙරට රූගත කළ දැවැන්තම චිත්‍රපටය The Gandhi Murder – Independent India’s First Political Assassination ජනවාරි මස ජාත්‍යන්තර මට්ටමින් ප්‍රදර්ශනය ආරම්භ වන බව නිවේදනය කර තිබෙනවා. 2016 වසරේ මෙරට මනරම් දර්ශනතල රාශියක රූ ගත කිරීම් අවසාන කළ චිත්‍රපටය ඒ වන විට නම්ව තිබුනේ Solar Eclipse: Depth of Darkness යන නමින්.

මෙම චිත්‍රපටයට සම නිෂ්පාදකයෙකු ලෙස සම්බන්ධ වූයේ මෙරට සිටින ප්‍රබල ජාත්‍යන්තර සිනමාකරුවෙකු ලෙස ප්‍රසිද්ද චන්ද්‍රන් රත්නම් මහතාය. චිත්‍රපටය සඳහා ලාංකිකයන් රාශියක් විවිධ කාර්යයන් සඳහා දායකත්වය ලබා දී තිබූ අතර ඒවා ගැන බොහෝ දෙනා ප්‍රශංසා මුඛයෙන් කතා කොට තිබිණි. ගාන්ධි තුමාගේ ජිවිතයේ අවසන් භාගය පිළිබඳ කියවෙන චිත්‍රපටය වඩාත් අවධානය යොමු කොට තිබෙන්නේ එතුමන්ගේ ඝාතනයෙන් පසු ඇතිවූ ලේ වැකුණු තත්වයයි. ආගමික අන්තවාදය දැඩි සේ පැතිරුණු මෙම කාල වකවානුව පිළිබඳ රූ ගත කිරීමක් ඉන්දියාව තුල රූ ගත කිරීමේ අපහසුව නිසා නිෂ්පාදන කණ්ඩායම තෝරා ගත්තේ ශ්‍රී ලංකාවයි.

Avatar චිත්‍රපටයේ රගපෑම නිසා ලෝකයේ වඩාත් ජනප්‍රියත්වයට පත් ස්ටීවන් ලෑන් මෙන්ම දැනට ජීවතුන් අතර නැති බොලිවුඩයේ දැවැන්ත චරිතය ඕම් පූරි ද මෙහි චරිත නිරුපණයට එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *